විරෝධතා භූමියට ආ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතට ප්‍රහාරයක් එල්ල වෙයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට ගාලු මුවදොර අරගල භූමියට පැමිණ තිබේ.
ඔහු සමග සුනිල් හඳුන්නෙත්ති, කේ. ඩී ලාල්කාන්ත, වෛද්‍ය නලින්ද ජයතිස්ස ද එම ස්ථානයට පැමිණ තිබේ.
මේ අතර වෘත්තීය සමිති නායකයින් කිහිපදෙනෙක් ද අදාළ එම ස්ථානයට පැමිණ තිබේ.
ගාලු මුවදොර අරගල භූමියේ සිදුවෙමින් පවතින කලහකාරී සිදුවීම හේතුවෙන් තුවාල ලැබූ 16 දෙනෙකු මේ වනවිට ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව ආරංචි මාර්ග පවසයි.