ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බව මෙන්ම ශ්‍රී ලංකාවේ හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රකාශය අවලංගු කරන ලෙස ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
එම නිවේදනයෙහි සිංහල පරිවර්තනය මෙසේය,
2022 මැයි මස 6 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපතිතුමා විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටී.
2022 අපේ‍්‍රල් මස 02 වැනි දින කලින් ප්‍රකාශ කළ පරිදි, ජනාධිපතිතුමා කෙටි කාලයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී, වත්මන් තත්ත්වයට හදිසි නීතිය ප්‍රකාශ කිරීම පිළිතුරක් නොවන බව BASL හි අදහසයි.
සාමකාමී විරෝධතා සහ විසම්මුතිය මැඩපැවැත්වීමට හෝ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම සඳහා හදිසි නීතිය භාවිතා නොකළ යුතු බව අපි නැවත නැවතත් අවධාරණය කරමු. විරෝධතා ප්රචණ්ඩ නොවිය යුතු අතර සෑම විටම සාමකාමීව පැවතිය යුතුය.
රටත් ජනතාවත් මුහුණ දී සිටින බරපතල අර්බුදය සහ රට තුළ පවතින දේශපාලන අර්බුදය විසඳීමේ හදිසි අවශ්‍යතාවය හඳුනා ගන්නා ලෙස අපි ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිමු. තමන් හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමට හේතුව කුමක්ද යන්න වහා ජනතාවට පැහැදිලි කරන ලෙස BASL ආයතනය ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටී.
හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රකාශය අවලංගු කරන ලෙසත්, ස්වෛරීභාවයේ අංගයන් වන භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ නිදහස ඇතුළු අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වැනි ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහතික කරන ලෙසත් අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිමු.