Aboutceylon Online

“ගෝඨා ගෝ හෝම්” කියන්නේ “සිස්ටම් එක එපා” කියලලු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

“ගෝඨා ගෝ හෝම්” යනුවෙන් අරගල කරන තරුණයින් කියන කතාවේ යටි අදහස ගැන හිටපු අගමැති ලේකම්වරයෙකු වන එස්. අමරසේකර මහතා ගුවන් විදුලි නාලිකාවක පැවැති වැඩසටහනකට එක්වෙමින් අදහස් පළ කර තිබෙනවා.

තරුණයින් වචන වලින් කියන දේට වඩා ඔවුන්ගේ අදහස් වල ගැබ් වී ඇති දේ තේරුම් ගත යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

“ගෝඨා ගෝ හෝම්” කියා තරුණයින් ප්‍රකාශ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධූරයෙන් ඉවත් වීම ගැන හෝ මන්ත්‍රීවරුන් 225 ඉවත් වීම ගැන නොවන බවත් ඔවුන් කියන්නේ “සිස්ටම් එක එපා” කියන අදහස බවත් අමරසේකර මහතා ප්‍රකාශ කරයි.

එය තේරුම් ගන්නේ නැතිව අගමැතිවරයා ඉවත් කර විශ්වාසභංග ගෙන ඒම පලක් නොවන බවත් පෙන්වා දුන් අමරසේකර මහතා අලුත් අගමැතිවරයෙක් පත් කර ගත්තද එය පිළිගැනීමට තරුණයින් සූදානම් නැති බවක් තමා පෙනී ගොස් ඇතැයිද කියා සිටිි.

 

Scroll to Top