අරගල හා යුද්ධ නිසා ආහාර අර්බුදයක් ඇති වීමෙන් ලෝකය ‘මානව ව්‍යසනයකට‘ මුහුණ දී සිටින බව ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මැල්පාස් ප්‍රකාශ කරයි.
එය ලොව පුරා මිලියන සිය ගණනක ජනතාව දරිද්‍රතාව කරා තල්ලු වීමේ අවදානමක් බවත්, මානව ව්‍යසනයක් වීම වැළැක්විය නොහැකි බවත් ඔහු අවධාරණය කර ඇත.
ගෝලීය දරිද්‍රතාව පිටුදැකීමේ අභියෝගයකට මැදි වී සිටින ලෝක බැංකුව අනතුරු අඟවා ඇත්තේ මේ අර්බුදය දිග්ගැස්සීමෙන් ආහාර මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ යනු ඇති බවය.