කෑගල්ල පොලිස් කොට්ඨාසයේ රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (21) අලුයම 5 ට ඉවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
රඹුක්කන විරෝධතාවක් විසුරුවා හැරීමේදී ඇති වූ සිදුවීමත් සමග පෙරේදා රාත්‍රියේ එම පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පැනවීය.