Aboutceylon Online

රට පුරා හර්තාල්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අද (20 දා) සිට සතියක කාලයක් පුරාවට දීපව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති 300කට වැඩි දායකත්වයෙන් යුත් සිය සංවිධාන එකමුතුව තීරණය කර ඇතැයි රවි කුමුදේශ් මහතා සඳහන් කළේය.

ඒ අනුව අද (20 දා) සිට ලබන 28 දා දක්වා දිවයින පුරා සියලු නගර ආවරණය වන පරිදි ජනතාව එක්රැස් කරමින් රජය ගෙනයන ජනතා විරෝධී වැඩපිළිවෙළට එරෙහිව විරෝධතාවේ නිරත වීමට රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයට අයත් සියලු ක්ෂේත්‍ර නියෝජනය කරන තම වෘත්තීය සමිති එකමුතුව අද අරඹන හර්තාල් ව්‍යාපාරයෙන් අනතුරුව ලබන 28 වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීමට ද තීරණය කර ඇතැයි හෙතෙම පැවසීය.

Scroll to Top