පොදු ප්‍රවාහනයේදී සහ ගෘහස්ථ කටයුතුවලදී හැර ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙම තීරණය ඊයේ (18) සිට ක්‍රියාත්මක වන බවයි.
ඒ අනුව තවදුරටත් මුහුණු ආවරණ අනිවාර්යෙන් පැළඳිය යුතු ව ඇත්තේ පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කිරීමේදී සහ සංවෘත ශාලා තුළ පැවැත්වෙන සාද.
සම්මන්ත්රණ ආදියේ දී පමණක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
කොවිඩ් 19 වැලැක්වීමේ පියවර යටතේ ඊයේ (18) සිට ක්‍රියාත්මක වන පරිදි පරිශ්‍රයට ඇතුළු වන විට ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම අවශ්‍ය නොවන අතර පුද්ගලික තොරතුරු ලබා ගැනීම ද අවශ්‍ය නොවේ.