Aboutceylon Online

නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පනවයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රඹුක්කන පොලිස් බල ප්‍රදේශයේ සඳහා නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇදිරි නීතිය පනවන බවට පොලිසිය දැනුම් දී තිබේ.

රඹුක්කන නගරයේ සිදුවූ උණුසුම්කාරී තත්ත්වය අතර තුර එක් අයකු මියගොස් 27 දෙනකු තුවාල ලබා කෑගල්ල සහ රඹුක්කන රෝහල්වල ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

රඹුක්කන නගරයේ මාර්ග සහ දුම්රිය මාර්ගය වසා සිටින විරෝධතාකරුවන් විසුරුවිම සඳහා රඹුක්කන පොලිසිය කඳුලු ගෑස් ප්‍රහාර ‌එල්ල කළේය.

ඒ අවස්ථාවේ පොලිසිය හා උද්ඝෝෂකයන් අතර උණුසුම්කාරී තත්ත්වයක් හටගත් අතර උද්ඝෝෂකයන් පොලිසියට ගල් ප්‍රහාරයක් ද එල්ල කර ඇතැයි වාර්තා වෙයි. ගල්ප්‍රහාරයට ලක් වූ උද්ඝෝෂකයන් කීපදෙනකු රෝහලට ගත කර ඇතැයි ද ආරංචි මාර්ග කියයි.

 

 

Scroll to Top