විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන විදේශ විනිමය ආහාර, ඉන්ධන සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ආනයන සිදුකිරීම සඳහා පමණක් භාවිත කරන බවට ශ්‍රී ලංකා මහ බැංකුව සහතික වී තිබේ.
අත්‍යවශ්‍ය ආනයන අවශ්‍යතා සපුරා ගනු පිණිස රටේ විදේශ සංචිත තත්ත්වය ඉහළ නංවා ගැනීම සඳහා කඩිනම් පියවර ගතයුතු බව ද මහ බැංකුව කියයි.