වැඩි මිලට අලෙවි කිරිම සදහා නිවසක ඉතා සුක්ෂම ලෙස සගවා තිබු ගෘහස්ථ ගැස් සිලින්ඩර් 230 ක් සොයාගත් බවත්,ගැස් සිලින්ඩර් සගවා තැබිමේ චෝදනාව යටතේ නිවසේ හිමිකරු සැකපිට අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති විරාජ් විතානගේ මහතා පැවසිය.
ගිනිගත්හේන අඹගමුව ශාන්ත ජනපදයේ නිවසක ලිට්රෝ ගැස් සිලින්ඩර් තොගයක් සගවා ඇති බවට ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින්ගේද සහයෝගය ඇතිව මෙම වැටලිම සිදු කර ඇත.
මෙම වැටලිමේදි කිලෝ 12.5 ලිට්රෝ ගෘහස්ථ ගැස් සිලින්ඩර් 177 ක් , කිලෝ 5 ගැස් සිලින්ඩර් 28 ,කිලෝ 2.4 ගැස් සිලින්ඩර් 25 ක් සෙයාගත් බවයි ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
නාවලපිටිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ පිහිටි ලිට්රෝ ගැස් සමාගමේ නාවලපිටිය අලෙවි නියෝජිතයාට නිකුත් කරන ලද ගැස් තොගය පාරිභෝගිකයන්ට අලෙවි නොකර එම ගැස් තොගය අලෙවි නියෝජිතයාගේ නිවසේ සගවා වැඩි මිලට අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිට ඇති බවට දැනට කරන ලද මුලික විමර්ෂණ වලදි අනාවරණය වි ඇති බව නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරියෙකු පැවසිය.
නාවලපිටිය ප්‍රදේශයේ ලිට්රෝ ගැස් හිගයක් පවතින බවත්,තම අලෙවි නියොජිතයාට අලෙවි කරනු ලබන ගැස් සිලින්ඩර් පාරිභෝගිකයන්ට ලබා නොදිම සම්බන්ධයෙන් අලෙවි නියෝජිතයාට එරෙහිව සමාගම විසින් විමර්ෂණයක් ආරම්භ කර ඇති බව ලිට්රෝ ගැස් සමාගමේ මධ්‍යම ඌව සබරගමු පලාත් භාර ජෙෂ්ඨ කලමණාකරු සාරංග විජේසිංහ මහතා පැවසිය.
අත්අඩංගුවට ගැස් තොගය සහ සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර මහෙස්ත්රාත්වරයාගෙන් ලැබෙන නියෝගය මත පොලිස් භාරයට ගත් ගැස් සිලින්ඩර් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.
රංජිත්