රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අද(18) සිට ආරම්භ වේ.
2022 වර්ෂයේ සිංහල සහ දෙමළ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම අඟහරුවාදා සිදු කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
නවක සිසුන් පිළිගැනීම සඳහා සුදුසු වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.
එහිදී ප්‍රාථමික අධ්‍යාපනයේ අරමුණ පිළිබඳව එම සිසුන්ගේ දෙමාපියන් ද දැනුවත් කළ යුතු ය.
සෞඛ්‍ය නීතිරිතිවලට අනුකූලව කෙටි කාලයක් තුළ මෙම වැඩසටහන් පවත්වා අවසන් කිරීමට විදුහල්පත්වරුන් වගබලා ගත යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.