Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නුවරඑළිය මුලස්ථාන පොලීසියේ පොලිස් කොස්තාපල්ගේ ආදර්ශමත් ක්‍රියාව

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අයිතිකරුවෙකු නොමැතිව වැටී තිබු රුපියල් 217000.00 ක මුදලක් සහිත මුදල් පසුම්බියක් සොයා ගත් පොලිස් නිලධාරියෙකු එය අයිතිකරු සොයා ලබාදීමට පියවර ගනු ලැබීය.

නුවරඑළිය, හග්ගල සීතා අම්මාන් කෝවිල භූමියේ වැටී තිබු මෙම මුදල් පසුම්බිය එම ස්ථානයේ රාජකාරි කටයුතු කරමින් සිටි නුවරඑළිය මුලස්ථාන පොලීසියේ පොලිස් කොස්තාපල් ආනන්ද ක්‍රිෂාන් ගුණරත්න (71827) මහතා විසින් මෙම ආදර්ශමත් ක්‍රියාව සිදු කොට ඇතැයි නුවරඑළිය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

මුදල් පසුම්බියක් කෝවිල් භූමියේ වැටී තිබුණු දැක මෙම නිලධාරියා එය පරික්ෂා කිරීමේදී ඒ තුල රුපියල් 217000.00 ක මුදලක් තිබු බවත්, පසුව ඒ පිළිබඳව ආනන්ද ක්‍රිෂාන් ගුණරත්න මහතා විසින් නුවරඑළිය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා වෙත දුරකථනයෙන් දැනුම්දීමට පියවර ගෙන තිබිණි.

පසුව ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතාගේ ලැබුණු උපදෙස් මත අදාල මුදල් පසුම්බිය හිමි කොළඹ, කොල්ලුපිටිය ප්‍රදේශයේ සිට නුවරඑළියේ සංචාරයක පැමිණ සිටි අදාල කාන්තාව සොයා භාරදීමට එම නිලධාරිවරයා ඇතුළු නුවරඑළිය පොලීසිය  පියවර ගන්නා ලදි.

විශාල මුදලක් සහිත මෙම මුදල් පසුම්බිය සොයා ගෙන එය නියමිත අයිතිකාරියට භාරදීමට කටයුතු කරන ලද මෙම පොලිස් නිලධාරිවරයාගේ යහපත් සේවය  ශ්‍රී ලංකා පොලීසියට සහ නුවරඑළිය පොලිස් ස්ථානයට ගෞරවයක් හා අභිමානයක්  බව නුවරඑළිය පොලීසිය සඳහන් කරයි.

සටහන හා ඡායාරූප-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

Scroll to Top