බක් පුර පසළොස්වක පොහොය අදට (16) යෙදී තිබේ.
බක් පුර පසළොස්වක පොහොය දිනය ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුව ඇති බව සඳහන් වේ.
බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය බක් පුර පසළොස්වක පොහොය දිනයක සිදුව ඇති බව ඉතිහාසයේ සඳහන් වේ.
එමෙන් ම බුදුන් වහන්සේට කැලණියට වැඩම කරන ලෙස මණිඅක්ඛිත නා රජුන් විසින් ආරාධනා කරණු ලැබ ඇත්තේ ද අදවන් දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් ය.
එමෙන් ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසළොස්වක පොහෝ දිනකයි.