වත්මන් ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ක්‍රියාත්මක විරෝධතාව අඛණ්ඩව 07 වැනි දිනටත් අද (15) පැවැත්වේ.
කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව සාමාන්‍ය ජනතාව මේ විරෝධතාවන්ට එක්ව සිටී.
සිංහල සහ දමිළ අවුරුද්ද යෙදී තිබෙන ජනතාව නෑගම් යෑම වෙනුවට ගාලුමෝදර විරෝධතාවේ යෙදී සිටින තරුණ පරපුරට සහයෝගය දැක්වීම සඳහා එහි පැමිණීම තෝරාගෙන තිබූ අතර ඔවුන් එහිදී රජයට විරෝධය පළ කළ ආකාරය දැකගත හැකි විය.
මේ අතර ශ්‍රී ලංකා රජයට එරෙහි ස්වෙච්ඡා ජන අරගලයට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් දිගින් දිගටම සිය සහය දක්වමින් සිටී.