පසුගිය 09 වැනිදා උදෑසන සිට කොළඹට පැමිණි ජනතාව අද (12) සිව් වන දිනටත් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වේ.
පිරිස ඊයේ රාත්‍රියේත් රැය පහන් කළේ, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පිටියේදීයි.
පිරිස දින 4ක් තිස්සේ, විරෝධතාවේ නිරත වෙමින් එක හඬින් ඉල්ලා සිටින්නේ, ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව සහ දේශපාලනයේ නාමයෙන් සොරා ගන්නා මුදල් යළි රටටම ලබා ගැනීම සඳහා නීති සකස්කරන ලෙසයි.
මේ අතර ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බොහෝ දෙනෙකු විරෝධතාකරුවන්ට ආහාර පාන ,ඖෂධ, සනීපාරක්ෂක පහසුකම් ලබා දෙමින් සහය දක්වන අයුරු දැකගත හැකිවිය.