Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

විරෝධතා ජනපදයක් – අපි ආවේ යන්න නෙමෙයි.. උයාගෙන කාලා නවතින්ඩ..! නවතම තත්ත්වය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජනාධිපතිවරයාට ඉල්ලා අස් වන්නට බල කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ පැවැත්වෙන විරෝධතාවය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් තිබේ.

එහි මේ වන විට විරෝධතා කරුවන් සඳහා තාවකාලික කූඩාරම් ඉදි කර ඇත. තාවකාලික වැසිකිළි පහසුකම් ද විවේක ලබා ගැනීමේ පහසුකම් මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන ද තාවකාලිකව ඉදිකර තිබේ.

විරෝධතාකරුවන්ට අවශ්‍ය ආහාරපාන ලබාදීම සඳහා තාවකාලික කූඩාරම් ද ඉදිකර ඇත.

අපේ රටේ තරැණ පරම්පරාව පුරවැසි වගකීම් ඉටු කරමින්, රටේ අනාගතය වෙනුවෙන් ආරම්භ කල උද්ඝෝෂණ මාලාවේ galle face උද්ඝෝෂණය අති සාර්ථකව පවත්වමින් සිටින ආකාරය.

තම අවට පිරිසිදුව තබා ගනිමින්, සියලුම ජාතීන්ගේ සහයෝගය ඇතිව සිදු කරන මේ උද්ඝෝෂණය අපේ රටේ උද්ඝෝෂණ ඉතිහාසයේ නව ආකෘතියක් ලෙස පෙන්වා දිය හැක.

උද්යෝගය, ආදරය, එකමුතුකම, සටන්කාමී බව සහ තවත් සුවිශේෂී ගුණාංග රාශියකින් යුතු පරම්පරාවක සුවිශේෂී සටනක් ලෙස මෙය පෙන්වා දිය හැක.

ජනපති ධූරයෙන් ඉවත්වනතුරු සටන අත්නොහරින බව විරෝධතාකරුවන් දන්වා ඇත. මේ වනවිට ලෝක අවධානය යොමුවී ඇති මෙම විරෝධතාවන්ට ආරක්ෂක අංශ වෙතින් කෙරෙන බලපෑම් අවමවී ඇති අතර දිනෙන් දින සටන තීව්‍ර කිරීමට පිරිස් කටයුතු කරමින් ඉදිරියට ගෙනයන අයුරු දක්නට ලැබෙයි.

විරෝධතාකරුවන් විසින් එම ප්‍රදේශයට ‘ගෝටාගෝගම’ ලෙස නමක්ද යොදා ඇත.

Scroll to Top