ජිවන වියදම ඉහල යාම , ඉන්ධන සහ ගැස් හිගය , විදුලි කප්පාදුවට එරෙහිව හැටන් ප්‍රදේශයේ රාජ්‍ය ආයතන සේවකයින් සහ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසල් වල ගුරුවරුන් එක්ව උද්ඝෝෂණයක් (08) දින පස්වරුවේ හැටන් නගර මධ්‍යයේදි පැවැත්විණ.
(08) දින පස්වරුවේ හැටන් ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වයද නොතකා රාජ්‍ය සේවකයින් සහ ගුරුවරුන් උද්ඝෝෂණයේ නියැලි සිටි අතර , එහිදි ගුරුවරුන් සහ රාජ්‍ය සේවකයින් අවධාරණය කර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්, ඉන් අනතුරුව තාවකාලික ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුවෙන් පත් කරගෙන භාරකාර ආණ්ඩුවක් යටතේ කෙටි කාලිනව රට පාලනය කර රටේ ජනතාව විදින පිඩාවෙන් මුදවා ගත යුතු බවයි.
ඒ සදහා රාජ්‍ය සේවකයන් වශයෙන් තමන් උපරිම දායකත්වය භාරකාර රජයට ලබාදෙන බවද උද්ඝෝෂණයේ නියැලි සිටි ගුරුවරුන් සහ රාජ්‍ය සේවකයින් කියා සිටිහ.
රංජිත්