අනවශ්‍ය ලෙස මුදල් අච්චු ගැසීම අඩු කිරීමට පළමුකොටම කටයුතු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.
ඉතිහාසයේ වැඩිම අගයකින් පොලී අනුපාත ඉහළ දමන ලද්දේ එම කැපකිරීම පෙන්වීමට බව ද හෙතෙම පැවසීය.
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 13.50% දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 14.50% දක්වා මෙසේ ඉහළ දමා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ එම පියවර ගනු ලැබුවේ මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමට බවයි.