මහජන පෙළපාලි සහ විරෝධතාවලට ළමයින් යොදා ගැනීමෙන් වළකින ලෙස, ජාතික ළමාරක්ෂක අධිකාරිය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.
මේ දිනවල දිවයිනේ විවිධ ප්රදේශවල විරෝධතා සිදු වන අතර, ඇතැම් පිරිස් ඒ සඳහා කුඩා ළමුන් ද රැගෙන යන අයුරු දක්නට ලැබුණා.
මෙය නුසුදුසු ක්රියාවක් බව දන්වමිනු යි ජාතික ළමාරක්ෂණ අධිකාරිය මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.