රට තුළ පවතින තත්ත්වය හමුවේ ආණ්ඩුව නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් හතළිස් දෙදෙනකු ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්රීවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇති ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන් පිරිසට ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්රීවරු 10 දෙනෙක්, ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්රීවරු 14 දෙනෙක්, ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂවල මන්ත්රීවරු 15 දෙනෙක්, පාර්ලිමේන්තු මන්ත්රී විජයදාස රාජපක්ෂ මහතා හා ලංකා කම්කරු කොංග්රසයේ මන්ත්රීවරු දෙදෙනකු ඇතුළත් වෙති.
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්රීවරුන් 156 දෙනකු නියෝජනය කළ අතර ඒ අතරින් මන්ත්රීවරුන් හතළිස් දෙදෙනකු ස්වාධීන මන්ත්රීවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත.