Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රි පාද වන්දනාවේ පැමිණ කුසගින්නේ සිටි වන්දනාකරුවන්ට යුධ හමුදාවෙන් ආහාර

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඇදිරි නිතිය පනවා තිබියදි ශ්‍රි පාද වන්දනාවේ පැමිණ කුසගින්නේ සිටි වන්දනාකරුවන්ට යුධ හමුදාවෙන් දිවා ආහාරය ලබාදෙයි.
ශ්‍රි පාද වන්දනාවේ පැමිණ ඇදිරි නිතිය නිසා අතමංව නල්ලතන්නියේ කුස ගින්නේ සිටි වන්දනාකරුවන්ට  දිවා ආහාරය ලබාදිමට යුධ හමුදා භට පිරිසක් කටයුතු කර ඇත.

19 වෙනි ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලකායේ අණදෙණ නිලධාරි මේජර් ගිහාන් බණ්ඩාරවත්ත මහතාගේ උපදෙස් මත එම ආරක්ෂක බලකායේ මස්කෙලිය මවුස්සාකැලේ කදවුරේ අණදෙණ නිලධාරි මේජර් කිර්ති කුමාර මහතා ඇතුළු එම කදවුරේ භට පිරිස් විසින් එම කදුවරේදිම දිවා ආහාරය පිලියෙල කර නල්තන්නිය වෙත රැගෙන ගොස් අතරමංව කුසගින්නේ සිටි වන්දනාකරුවන්ට ආහාර පාර්සල් ලබාදි ඇත.

හදිසියේ ඇදිරි නිතිය පැනවිම නිසා ශ්‍රි පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන්ට ආහාර පාන ලබාගැනිමට නොහැකිව සිටින බවට ලක්ෂපාන යුද හමුදා කදවුරේ අණදෙණ නිලධාරි ලැබුණු තොරතුරක් මත වහා ක්‍රියාත්මක වු අණදෙණ නිලදාරිවරයා ඒ පිලිබදව මවුස්සාකැලේ කදවුරේ අණදෙණ නිලධාරිවරයා වෙත දැනුම්දිමෙන් පසු යුධ හමුදාව සතු ආහාර ද්‍රව්‍ය උපයෝගි කරගෙන දිවා ආහාරය පිලියෙල කර ශ්‍රි පාද වන්දනාකරුවන්ට ලබා දි ඇත.

රංජිත්

Scroll to Top