දින හතකට පසු හැටන් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල වෙත ලැබුණු ඩිසල් ලිටර් 6600 දැඩි පොලිස් ආරක්ෂාව මැද්දේ බෙදා හරි.
දින හතකට පසු හැටන් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල වෙත (04) දින ලැබුණු ඩිසල් ඉන්ධන ලිටර් 6600 දැඩි පොලිස් ආරක්ෂාව මැද්දේ පොලිම් වල රැදි සිටි රථ වාහන හිමියන්ට බෙදා දිමට පියවර ගැණින.
ඩිසල් ඉන්ධන රැගත් ඛනිජ තෙල් නිතිගත සංස්ථාවට අයත් බවුසර් රථය ඉන්ධන පිරවුම්හල වෙත පැමිණෙන අවස්තාවේ පොලිම් වල රැදි සිටි පිරිස උණුසුම් අයුරින් පිලිගැනිමෙන් අනතුරුව ඩිසල් බෙදා හැරිමේදි පොලිම් වල රැදි සිටි පිරිස පොලිමෙන් පිටතට පැන ඉන්ධන ලබා ගැනිමට උත්සහ කිරිමේදි පොලිම් වල රැදි සිටි පිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.
හිස් ඩිසල් බූලි වලට ඩිසල් ලිටර් 40 බැගින් සහ වාහන වලට සිමා කර ඩිසල් ඉන්ධන ලබා දිමට ඉන්ධන පිරවුම්හල් හිමියන් පියවර ගැණින.
ලිට්රෝ සමාගමෙන් ගැස් නිකුත් කරයි
සති කිහිපයකට පසු බගවන්තලාව නගරයේ ලිට්රෝ ගැස් අලෙවි නියෝජිතයන්ට කිලෝ 12.5 ගෘහස්ථ ගැස් සිලින්ඩර් 400 (04) දින නිකුත් කර ඇත.
ලිට්රෝ ගැස් සමාගමේ ගැස් සිලින්ඩර් බෙදා හරින ලොරි රථ වලට ඩිසල් ඉන්ධන නොමැති නිසා සමාගමේ දැනුම් දිමක් මත අලෙවි නියෝජිතයන් විසින් ගිනිගත්හේන රංජුරාව ප්‍රදේශයේ ලිට්රෝ ගැස් බෙදා හැරිමේ මධ්‍යස්ථානය වෙත ලොරි රථයක් යවා අදාල ගැස් තොගය බගවන්තලාව වෙත ගෙන්වාගෙන ඇත.
තමන් වෙත (04) දින ලද ගැස් තොග පාරිභෝගිකයන්ට බෙදා හැරි බවත්, ඉල්ලුමට සරිලන සැපයුමක් නොතිබුණු නිසා පාරිභෝගිකයන් විශාල පිරිසකට ගෘහස්ථා ගැස් සිලින්ඩර් මිල දි ගැනිමට නොහැකි වු බවයි ගැස් අලෙවි නියෝජිතයන් කියා සිටියේ.
රංජිත්