Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ගොඩක්ම කණගාටුයි. මේ අපේ සුන්දර රට.”මුහුදු කොල්ලකරුවන්ට හසු වූ පුංචි පාරාදීසය!” බේරගමු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මේ අපේ සුන්දර රට.. අපේ රටේ මිනිස්සු ඉක්මනින් කලබල වෙන අය නෙමෙයි.. උපරිම ඉවසන අය.. හරිම දුකයි.. මේ අය පාරට බහින්නෙ ඉවසලා බැරිම නිසා.. ‍දරු පැටව් බඩගින්නෙ අඩනකොට දෙමව්පියො කොහොමද ඉවසන්නෙ.. ඒ අය දුක් විදින්නෙ, වසර ගණනක සිට ඔබ සැම ගත් අදූරදර්ශී අනුවණ තීරණ සහ වංචාවන් නිසා මිස ජනතාවගේ වරදින් නොවේ..

(කෝවිඩ් හෝ සංචාරකයින් අඩුවීම බලපෑවේ සුලුවශයෙන්.. අර්බුදය පටන් ගැණුනේ, අනවශ්‍ය අසාර්තක ව්‍යාපෘති වලට දැරිය නොහැකි තරම් වැඩි පොලී අනුපාතිකයන්ට ණය ගෙන විශාල අක්‍රමතා සිදු කිරීම, සැලසුම් නොමැතිව බදු වෙනස් කිරීම, දිලිදු රටකට දැරිය නොහැකි අතිවිශාල රාජ්‍ය වියදම් (ජපන් අදිරාජ්‍යයාවත් නොකරන තරම්) කරමින් ආර්තිකය කිසිසේත්ම කලමනාකරනය නොකිරීම නිසා.. අඩු තරමින් රටේ වෙළද ශේෂය දිහා වත් බැලුවා නම් මෙහෙම වෙන බව කල් තියා දකින්න තිබුනා)යන්තමින් හරි බුද්ධියක් ඇති රජයක් කලයුත්තේ මේ ප්‍රශ්න වලට වහාම විසදුම් සොයා බැලීම මිස පීඩනයට පත්වුනු මිනිස්සු තව තවත් පීඩාවට පත් කරමින් ප්‍රශ්නය තවත් උග්‍ර වනතෙක් සිටීම නොවේ. (මේ අර්බුද පටන් අරගෙනත් දැන් කී දවසක් නිකන්ම පහු උනාද)
හදිසි/ඇදිරි නීතියට වඩා ඉක්මනින් කලයුතු දේ බොහොමයක් තිබෙනවා..

(අනුවණම පාලකයෙකුට වුවත් දැනඋගත් දක්ශයින් ළංකර ගන්නේ නම් හොදින් රටක් දියුණු කල හැකියි..) නායකයෙකුගෙ පැවැත්ම තියෙන්නෙ ඔහු සාර්තකව රටත් ජනතාවත් දියුනු කල විට මිස, නෑ හිත මිතුරන්ව පොහොසත් කරවූ විට නොවෙයි.

මේ ප්‍රශ්නය යම් තරමින්වත් විසදීමට රජයට සැබෑ උවමනාවක් ඇත්නම් කලහැකි දේ බොහොමයි.. (අපේ මිනිස්සු වෙනුවෙන් දැන්වත් මේ ටික කළත් ඇති 😥🙏🙏🙏 පින් 🙏🙏🙏)

1. දේශපාලනික නොවන ආර්තික විද්වත් කමිටුවක් වහාම පත්කර ගැනීම ඔවුන්ගේ උපදෙස් අකුරට පිලිපැදීම.. (ඇයි නොකරන්නෙ??? ඇයි මෙතරම් අකමැති??🤔)

2. වහාම IMF එකට අනුව ණය ප්‍රති වියුහගත කිරීම ඇරබීම (තවමත් නෑ) සැබෑම ගිනුම් IMF එකට පෙන්වීමට නොහැකි නිසා වත්ද? 🤔😥😨 නැත්නම් තවත් වැටුනු පසු කිරීමට සුවිශේෂ විසදුමක් තිබේද? (එහෙමනම් කමක් නෑ)

3. ණය දුන් අනෙක් රටවල් (චීනය, Paris Club, etc) එක්ක සාකච්චා කිරීම

4. මුදල් ඇමති, මහ බැංකු අධිපති ලෙස, සුදුසුකම් ඇති අය පත්කිරීම. (ලෝකයේ මෙවැනි අර්බුද ඇතිවුනු අනික් රටවල මේ තනතුරු 2 වහාම මාරු කරනවා.. අපේ රටේ නෑ.. අපි ඒ අයගෙන් තවමත් උපදෙස් ගන්නවා)

5. මුදල් මුද්‍රණය නැවත්වීම.. (ඊට හේතුව උසස්පෙල වාණිජ්‍යය කරන දරුවෙකුගෙන් අසාබැලීම.)

6. ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර බෙහෙත් හිගයට පිලියම් දැන්ම සූදානම් කිරීම (ප්‍රශ්නය පාමුලටම එනතෙක් නොසිට)

7. රාජ්‍ය ආයතනවල සේවක අතිරික්තයන් ඇත්නම් භාණ්ඩාගාරයට බරක් නොවන සේ පලදායී තැන්වලට යෙදවීම..
රාජ්‍ය සේවය “මහජන සේවය”ක් ලෙස වෙනස් කිරීම.. (දැන් නොවේ.. පසුවට)

8. ලෝකයට අවශ්‍ය දේ අපනයනයන්ට දැන්ම සූදානම් කිරීම. ඊට පහසුකම්, වෙලදපොල සොයාදීම.. (අදද ප්‍රමාදම නැත. තාක්ශණය දියුනු මේ ලෝකයේ නව අපනයන අවස්තා රැසක් සොයාගත හැක. ex; Aliexpress, ebay, BPOs etc)

9. විදෙස් මුදල් එවීමට ඇති බාධා තාවකාලිකව හෝ ඉවත් කිරීම. Pay palආදී.. දැනටත් අන්තර්ජාලයේ සේවාවන් සපයන අයට ලංකාවට ඩොලර් ගෙන්වීමට පහසු ක්‍රමවේදයක් නැත. එවිට ඒවා ප්‍රධාන බැංකු ධාරාව හරහා නොඑයි.. මුදල් ප්‍රේශනය වන අනෙක් ක්‍රම හොදින් නියාමනය කිරීම. (ඉක්මන් සාර්තක විනිමය ප්‍රතිඵල ලැබේවි)

10. මැති ඇමති ඇතුලු රාජ්‍ය වියදම් හැකිතාක් අඩු කිරීම.. අතාවශ්‍ය නොවන විදෙස් වියදම් ඇත්නම් (කිසිදු සේවයක් නොකරන තානාපති කාර්‍යාල සබැදි අති විශාල මාසික ඩොලර් වියදම්) අඩුකිරීම හෝ වසා දැමීම

නැතහොත් ඔවුන්ට විදෙස් විනිමය සොයා එවීමට කාල නිර්ණ ඉලක්ක ලබාදීම (එසේ කල හැකි දේ රැසක් ඇත).

11. වංචා කල මුදල් නැවත අයකිරීම හෝ දේපල රජයට පැවරීම. එයින් ලංකාවෙ අයවැය හිගයත්, විදේශ ණය සියල්ලත් පියවලා අතිරික්තයකුත් තියේවි.. 🤔 (වෙන්නෙ නම් නෑ)

තව කල හැකි දේ බොහොමයි..

“මුහුදු කොල්ලකරුවන්ට හසු වූ පුංචි පාරාදීසයක්!” කාටහරි බේරගන්න පුලුවන් නම්.. ජාත්‍යන්තර සහයක්වත් ලැබෙනවා නම්.. 🙏🙏🙏🙏🙏
ගොඩක් දුකයි… 😥😥😥
අපේ පුංචි රට පව්!!
අනාගත දරු පැටවු හරි පව්!! 😥😥😥

ජානකී සුරියආරච්චි

Scroll to Top