අපේ රටේ 1956 සිංහල දෙමල කෝලාහලය
1971 ජනතා විමුක්ති පෙරමුනේ කැරැල්ල
1983 කලු ජූලිය කෝලාහලය
1988 හා 1989 ජනතා විමුක්ති පෙරමුනේ කැරැල්ල.
1983 හා 2009 අතර කොටි ත්රස්තවාදීන්ගේ යුද්ධය ..මේ සියල්ලෙන්ම ලෝකෙම සුපිරි රටක් වසර 74 අසරන කරලා.
මෙහෙම බලනකොට අපේ රටේ මේ වන විට හටගෙන ඇති කෝලාහල තත්වය සුලු කොට තැකිය නොහැක. සැම වසර 10 යනකොටම මොකක් හරි ව්‍යසනයක් රට පුරා.
විදේශ රටවලට ඕන මේ රට අරාජික කරන්න. ඒ වෙනුවෙන් විදේශ ඔත්තු සේවා අපේ සුලු ජාතික පක්ශ සුලු පක්ශ කන්ඩායම් හා විවිධ වෘත්තීය සමීති පාවිච්චි කරනවා.හේතුව මේ රටේ පිහිටිම හා සම්පත්.උපායමාර්ගිකව ඇති වැදගත්කම.
ඔන්න ආයෙත් පටන් අරන්.ලේ වැගිරීම් වේවි ..මිනිස් ජීවිත නැතිවේවි.දේපල නැතිවේවි…
රට ආයෙත් සිවිල් යුද්ධයකට පටලවන්න හොද සැලසුමක් ක්‍රියාත්මක වෙනවා ..
රටට සංචාරකයන් එන එක වලක්වන්න හදන්නෙ.
රටට ආයෝජන ගේන එක නවත්වන්න හදන්නෙ ..
රටට මුදල් එන එක නවත්වන්න හදන්නෙ.
රට අසරන කරන්න හදන්නෙ.
අවබෝධයෙන් හා බුද්ධියෙන් කරයුතු කරන්න.
මේ පිටුපස ඉන්න අය ගැන කල්පනාවෙන් ඉන්න.ඒ සැමටම සැගවූ න්‍යායපත්‍රයක් තියෙනවා…හැබැයි අපි අවබෝධයෙන් වැඩ නොකලොත් අපිට රට නැතිවෙනවා.
උපුටා දැක්වීමකි.