Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඉටි පන්දම් හිගයක් , අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ආහාර රැසක මිල ඉහලට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

විදුලි කප්පාදුවත් සමග දේශිය වෙලදපොලේ ඉටි පන්දම් තොගවල හිගයක් පවතින බවත්, දැනට වෙලදපොලේ අලෙවි කිරිමට ඇති ඉටි පන්දම් වල මිල ඉහල ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කියා සිටියි.

කුඩා ඉටි පන්දමක් රු 15/= සහ ලොකු ඉටි පන්දමක් රු 75/= මිලකට අලෙවි වන බවත්, ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදිමට නොහැකි විම හමුවේ ඉටි පන්දම් මිල මෙසේ ඉහල ගොස් ඇති බවයි ව්‍යාපාරිකයන් කියා සිටියේ.

මිට අමතරව කුඩා බැටරියක් රු 15/= කින්ද , සැම වර්ගයේම සබන් කැටයක් රු 15/= කින් ඉහල ගොස් ඇති බවත්, දේශිල වෙලදපොලේ ගිනිපෙට්ටි හිගයක්ද පවතින බවයි වෙලදුන් කියා සිටියේ.

තවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක තොග සහ සිල්ලර මිල ඉහල ගොස් ඇති බවත්,ඒ අනුව සුදු සිනි කිලෝවක් රු 240/= , රතු සිනි කිලෝවක් රු 250/= , රතු පරිප්පු කිලෝවක් රු 460/= , රුලං කිලෝවක් රු 280/= , තිරිගු පිටි කිලෝවක් රු 190/= , ටින් මාළු රු 420/= වැනි සිල්ලර මිලකට අලෙවි වන බවයි හැටන් ප්‍රදේශයේ තොග සහ සිල්ලර වෙලදුන් කියා සිටින්නේ.

රංජිත්

Scroll to Top