Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

31 රෑ සිදුවූ දේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

විදුලි කප්පාදුවල, ඉන්ධන හිඟය සහ ගෑස් අර්බුදය ඇතුළු රට මුහුණ දී සිටින ගැටලුවලට විරෝධය පළ කරමින් ජනාධිපතිවරයාගේ නිවසට පිවිසෙන මිරිහාන – පැගිරිවත්ත පාර අවහිර කරමින් ඊයේ රාත්‍රියේ විරෝධතාවක් පැවැත්වුණා.

විරෝධතාව සඳහා විශාල පිරිසක් එක්ව ඇත. විරෝධතාකරුවන් කලහකාරීව හැසිරීම හමුවේ පොලිසිය ඔවුන් විසිරුවහැරීමට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර ඇත.

රට මුහුණ දී තිබෙන අර්බුදවලට විරෝධය පළ කරමින් පැවැත්වෙන මෙම විරෝධතාව ආරම්භ වුණේ රාත්‍රි 8ට පමණයි.

ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතාවයේ නිරත පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් යුද හමුදා බසයකට හා තවත් වාහන කීපයකට ගිනි තබා ඇති බව වාර්තා වෙයි.

බස් රථ සහ වහාන රැසකට ගිනි තිබූ බව කියන පුද්ගලයන් 45 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර එක් කාන්තාවක ද සිටින බව පොලිසිය පවසයි.

මේ වන විටත් මිරිහාන පැගිරිවත්ත අවට  දැඩි පොලිස් ආරක්ෂාවක් සපයා ඇත.

කොළඹ – මහනුවර මාර්ගය හරස් කරමින් පිරිසක් විරෝධතාවයේ නිරතවීම නිසා කොළඹ මහනුවර මාර්ගය කැලණිය දළුගම ප්‍රදේශයෙන් සම්පුර්ණයෙන්ම අවහිරවී ඇතැයි ද වාර්තා වෙයි.

රටේ පවතින දැඩි අර්බුදයට විසඳුම් ඉල්ලා ප්‍රදේශවාසින් පිරිසක් මෙසේ විරෝධයයේ නිරත වු බව ද දැනගන්නට ඇත.

මේ අතර ඊයේ රාත්‍රියේ සිට ප්‍රදේශ කිහිපයකට පනවනු ලැබූ පොලිස් ඇඳිරිනීතිය අද අළුයම 05ට ඉවත්කරළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ප්‍රකාශ කර සිටියි.

කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ, කැලණිය සහ ගල්කිස්ස යන පොලිස් කොට්ඨාසවලට අයත් සියලු බල ප්‍රදේශවලට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය මෙලෙස ඉවත් කර ඇත්තේ.

නිර්නාමිකව සමාජ මාධ්‍ය භාවිතා කරමින් ජනතාව කෝපගන්වා අරාබි වසන්තයක් මෙරට ඇති කරමු යන හඬ නගමින් සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් උද්ඝෝෂණය මෙහෙයවා ඇති බවද මාධ්‍ය වාර්තා සදහන් කරයි.

 

 

Scroll to Top