අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යමින් රට වසා දැමීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
විදුලිබල මණ්ඩලය වහාම විශේෂඥ මණ්ඩලයකගේ පාලනයට භාර දිය යුතු බවත් ආණ්ඩුව පත්කළ සෞබාග්‍යමත් රටේ හැත්තෑ පන් ලක්ෂයක් විදුලි පරිභෝගිකයන්ට පැය විසි හතරෙන් පැය දහතුනක් විදුලිය නොමැතව ජීවත් වෙන්න සිදුව ඇතැයිද ඔහු පැවසීය.
මේ ආණ්ඩුව ජනතාව ඉදිරියේ තියෙන අර්බුදය තේරුම් ගෙන නැතැයිද රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.