සමාජ මාධ්‍ය හරහා මේ වනවිට යම් පුවතක් පැතිර යමින් තිබෙනවා. ඒ අප්‍රේල් 3 ඉරිදා සවස 3 ට මුලු රටම පාරට බහිනවා යනුවෙන් සටහනක් සමාජ මාධ්‍ය හා වට්ස්අප් හරහා හුවමාරු වෙමින් තිබෙනවා.
මේ වන විට දේශපාලන පක්ෂ ඊට සිය සහාය ලබා නොදෙන බව දන්වා තිබෙනවා.
ඒ නිසා අප්‍රේල් 3 විරෝධතාවයට සහය දීමේ අවශ්‍යතාවයක් නැති බව දේශපාලන පක්ෂ සඳහන් කරනවා.
සමාජ මාධ්‍ය ජාලා හා මුහුණු පොත හරහා සංවිධානය කළ අප්‍රේල් 3 විරෝධතා වැඩ සටහනට මේ වන විට විශාල ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා.
කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ මේ පිළිබදව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම විරෝධතාවය මහජන විරෝධයක් බව සහ තමන් එයින් ලාබ ප්‍රයෝජන ගැනීමට උත්සාහ නොකරන බවයි.
එමෙන්ම මෙවැනි වගකිව යුත්තෙක් නොමැති ,සංවිධානයක් නොමැති උද්ඝෝෂණ වලට සම්බන්ධවීමේ යම් අවදානමක් පවතින බවද ඔවුන් සිය නිවේදනයේ සදහන් කර තිබෙනවා.