පාසල් ළමුන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථ ගණනාවක් ඉන්ධන නොමැතිව ධාවනයෙන් ඉවත් වෙයි, ධාවනය වු බස් රථ අද සිට ධාවනයෙන් ඉවත් කරන බව රියදුරන් අවධාරණය කර සිටියි.
ඩිසල් ඉන්ධන නොමැති විම හමුවේ හැටන් ප්‍රදේශයේ රජයේ සහ ජාත්‍යන්තර පාසල් වලට ළමුන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථ ගණනාවක් (31) දින ධාවනයෙන් ඉවත් කරගෙන ඇත.
මස්කෙලිය , බගවන්තලාව , ගිනිගත්හේන , තලවකැලේ සහ කොටගල යන ප්‍රදේශවල සිට දිනපතා පෞද්ගලික බස් රථ සහ වැන් රථ වලින් හැටන් ප්‍රදේශයේ පිහිටි රජයේ සහ ජාත්‍යන්තර පාසල් වලට ළමුන් ප්‍රවාහනය කරන අතර, (31) දින වෙනත් දිනයන් වලට ධාවනය වන පෞද්ගලික බස් රථ සහ වැන් රථ ගණනාවක් ධාවනයෙන් ඉවත් කරගෙන ඇති බවයි (31) දින පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලද පෞද්ගලික බස් රථ සහ වැන් රථ රියදුරන් කියා සිටියේ.
(31) දින එම පාසල් වලට ළමුන් ප්‍රවාහනය කලද (01) දින සිට ළමුන් ප්‍රවාහනය කිරිමට ඉන්ධන නොමැති නිසා තමන්ද (01) දින සිට ළමුන් ප්‍රවාහනය නොකරන බව රියදුරන් කියා සිටියි.
මේ අතර පාසල් ළමුන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් සහ වැන් රථ ගණනාවක් ධාවනයෙන් ඉවත් වි ඇති නිසා එම ළමුන් පොදු ප්‍රවාහන සේවා වල පාසලට පැමිණෙන ආකාරය අප කැමරාවේ සටහන් විය.
හැටන් ප්‍රදේශයේ සිපෙට්කෝ සහ අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වල ඩිසල් ඉන්ධන නොමැති බව දැන්විම් පුවරු ප්‍රදර්ශනය කර තිබුණි.
රංජිත්