මූල්‍ය තත්ත්වය ඉතාම උග්‍ර අතට හැරී ඇති බැවින් විදුලි බල මණ්ඩලයට බැංකුවලින් ලබාදෙන මූල්‍ය පහසුකම් අත්හිටුවා ඇති බව අනාවරණය වෙයි.
මෙම තත්ත්වය මත ලංකා විදුලි බල මණ්ඩල සේවකයන්ගේ මාර්තු මස වැටුප ගෙවනු ලැබුවේද ඉතා අපහසුතාවයෙන් බව ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරි ඩී.සී.ආර්. අබේසේකර මණ්ඩලයේ සියලුම අංශ ප්‍රධානීන්ට දැනුම් දී ඇත.