ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස පිහිටි මිරිහාන – පැගිරිවත්ත පාර අසල ජනතා විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
මෙම මාර්ගය ජනාධිපතිවරයාගේ නිවසට යන මාර්ගයයි. විරෝධතාවය සඳහා විශාල ජනතාවක් එක්ව සිටින බවත්, 119 මාර්ගයේ මේ වනවිට දැඩි රථ වාහන තදබදයක්ද හටගෙන තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.
මේ වන විට තත්ත්වය පාලනය කිරීම සදහා පොලිස් නිලධාරීන් හා යුධ හමුදාව යොදවා ඇති බවයි.