නිර්වින්දන වෛද්‍යවරුන් නොමැතිවිම නිසා ගාල්ල උඩුගම රෝහලේ ශල්‍යාගාරයේ සහ දැඩිසත්කාර ඒකකයේ කටයුතු දැනට සතියක පමණ කාලයක සිට ඇණහිට ඇතැයි වාර්තා වනවා.
මෙම තත්වය නිසා උඩුගම රෝහලේ ශල්‍යකර්ම කටයුතු සහ සිසේරියන් සැත්කම් නතරවි ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
උඩුගම රෝහලේ සේවය කරමින් සිටි නිර්වන්දන වෛද්‍යවරුන් දෙදෙනා වැඩිදුර අධ්‍යයන කටයුතු සදහා විදේශගතවිම නිසා මෙම තත්වය උදාවි ඇති බවයි වාර්තා වන්නේ.