වසර 5ක් ඉටිරෙදි පැල්පත්වල ටකරන් මඩු වල නැදැ ගෙවල් වල ජිවත් වෙන ලංකාවෙ පවුල් 250ක් පිළිබද අපට නාවලපිටිය ගඟ ඉහළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන් වාර්තා විය. 2016 වර්ෂයේ මැයි මාසේ ලංකාවෙ ඇතිවු අයහාපත් කාලගුණය නිසා මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය ගඟ ඉහල ප්‍රාදේශිය ලේකමි කොට්ඨාශයේ බෙරවිල කන්ද නාය ගොස් එම කොට්ඨාශයේ පවුල් 250 කට ආසන්න පිරිසක් නිවාස ඉඩමි අහිමි විය.
ඔවුන්ට නිවාස ලබා දිම සදහා කුරුදුවත්ත රාජකිය විදුහල අසල ඉඩම ලබා දි අත්තීවාරම් දමා වසර 5කි. නමුත් තවම අවසානයක් නොමත. මෙහි ගිය අපට දැනගන්න ලැබුනේ ආපදා අමාත්‍යාංශය නැවත පදිංචි කිරිම අංශය හා දිස්ත්‍රික් නිලධාරින්ගේ නොසලකිල්ල නිසා මෙම පවුල් 250ක ජනතාව හා දරුවන් දැඩි අපහසුතාවට පත්ව ඇත මෙම ජනතාව බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ නිවාස ගමිමානය හෝ නිවාස ලබා දෙන ලෙසයි.
මෙම සමිබන්ධව අදහස් දැක්වු අළුගොල්ලේ එචි.ජි.සමදරා මහත්මිය
අප නිවස 2016 මැයි මාසේ ඇතිවු අයහපත් කාලගුණය නිසා බිත්ති පුපුරා ඉඩම කොටසක් නාය යන ලදි. එයට ගඟ ඉහල ප්‍රාදේශිය ලේකම්තුමා නිලධාරින් කුරුදුවත්තේ ඉඩමි ලබාදුන්නා. නමුත් එහි ගල් නිසා අප පුද්ගලිකව ඉඩමක් රැගෙන නිවස හදන්න පටන් ගත්තා. නමුත් අත්තිවාරම දමා වසර 3යි බිත්ති බැදගන්න මුදල් තවම අමාත්‍යාංශයෙන් එවා නැති නිසා අප ටකරන් මඩුවෙ දුක් විදිනවා දියණිය සමග අප ජනපති අගමැති ඇතුළු නිලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ අපට නිවස හදාගන්න අනුමත කර මුදල් ලබා දෙන ලෙසයි.
දොලොස්බාගේ චමින්ද විජෙ බංඩාර තිදරු පියා
මාගේ ඉඩම පිහිටි කෙලිගෘප් කන්ද නාය යන බව භු විද්‍යා ආයතනයෙන් පැවසුවා. අවදානම් කලාපයක් බවට පත් කළ පසුව මට කුරුදවත්තෙ ඉඩමි දුන්නා.
මිතලාව වැලිකන්ද කේ.පි. ප්‍රේමවති මහත්මිය
වැස්ස කාලේට පමණක් නිලධාරින්ට අපිව මතක් වෙනවා. වැස්ස නැවතුනාම අපගේ දුක බලන්න කවුරුත් නැ. ඡන්ද කාලේට ගමට ඇවිත් විවිධ කතා කියන මන්ත්‍රිවරුන් නැ. සභාපතිවරු මන්ත්‍රිවරු සැම ගසක් අස්සේම ඉන්නවා. එහෙත් ජනතාව දුකේ.අප ගම්මානය නාය යන බව පවසා භුවිද්‍යා ආයතනයෙන් ඉවත් වෙන ලෙස පවසා වසර 4කි. නමුත් අද වන තෙක් අපට නිවාස ඉඩමි නැ. මහින්දානන්ද අළුත්ගමගේ මහතාට සාක් ගමිමානය සංවර්ධනය කරන්න ගියේ වසරයි. නමුත් යහාපාලන රජයට වසර 4ක් ගතවුවත් පවුල් 250කට දුක නිවන්න නිලධාරින්ටත් බැරි වුණා. අප ජනපති අගමැති ඇතුළු බලධාරින් ගෙන් ඉල්ලා සිටින්නේ අපට නිවාස ලබාදෙන්න කියලා.
මෙහිදි අදහස් දැක්වු උඩුවැල්ල බෙරවිල අශෝකා වික්‍රමගේ මහත්මිය
අප ගමෙ කන්ද නායගියා 2016 මැයි මාසේ අප නිවාස කැඩි ගියා. අද තවමත් අපි ඉන්නේ කුඩාරමිවල නැදැ ගෙවල්වල මැතිවරන කාලෙට ගමට එන පාට පාට අප්රේක්ෂකයින් අපිව රවටා යනවා .
අප මෙම සමිබන්ධව ගඟ ඉහල ප්‍රාදේශිය ලේකමි කාර්යලයේ නිලධාරින්ගෙන් විමසු පසු පවසා සිටියේ ආපදා අමාත්‍යාංශයෙන් දිස්ත්‍රික් කාර්යාලයෙන් මුදල් නොලබුණු බවයි. එම නිසා දිනයක් කියන්න බැරි බව පවසා සිටියා.
අප කුරුදුවත්ත නිවාස ගමිමානයට ගිය විට දැක ගන්න ලැබුණේ කැලෙට ගිය අඩක් නිමකළ නිවාස හා අවිචිවාරමි පමනයි මෙම ජාතික අපරාධයට වගකියන්නේ කවුද? රුපියල් කෝටිගණනක් වියදමි කර මිනුමි කටයුතු කර සුද්කර කර තිබෙන අපරාදය ගැන ජනතාව රජයෙන් විසදුමි බලාපොරොත්තුව බලා සිටිනවා.
ජගත් ජනප්‍රිය-ගඟ ඉහල සමුහ