ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය කරන ලද දෙවන නැනෝ චන්ද්‍රිකාව වන කිට්සුනේ (Kitsune) ඊයේ කක්ෂගත කෙරිණ.
නැනෝ චන්ද්‍රිකා ව්‍යාපෘතියේ තවත් පියවරක් ඉදිරියට තබමින් ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය මෙම චන්ද්‍රිකාව නිර්මාණය කර ඇත්තේ, තවත් ජාත්‍යන්තර ආයතන 5ක් හා ඒකාබද්ධවයි.
රාවණ 01 චන්ද්‍රිකාව මෙන් 6 ගුණයකින් විශාල කිට්සුනේ, උසින් සෙන්ටිමීර් 30 ක් ද, පළලින් සෙන්ටිමීර් 20ක් ද ඝනකමින් සෙන්ටිමීටර් 10ක් ද වන බව පවසයි.
පෘථිවිය වටා ඇති අයන ගෝලයෙහි ඉලෙක්ට්‍රොනික ඝණත්වය නිරීක්ෂණය ඇතුළු විද්‍යාත්මක පර්යේෂණ රැසකට එය යොදා ගැනීමට නියමිතයි.