ටෙස්ට් ලකුණු 8000 සීමාව කරා අඩුම ටෙස්ට් ඉනිම සංඛ්‍යාවකින් ළඟා වූ ක්‍රීඩකයා බවට පත් වන්නට ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් ක්‍රීඩක ස්ටීවන් ස්මිත් අද (24) සමත් විය.
ස්මිත් ලකුණු 8000 කඩයිම කරා ළඟා වීමට වැය කර තිබුණේ ටෙස්ට් ඉනිම 151ක් පමණයි.
මෙම වාර්තාවට මීට පෙර හිමිකම් කියුවේ, ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාරයි.
ඔහුට ලකුණු 8000 සීමාව කරා ළඟා වීමට ටෙස්ට් ඉනිම 152ක් වැය වී තිබුණි.