හැටන් කොටගල නගරයේ ලිට්රෝ ගැස් අලෙවි නියෝජිතයා (24) දින ලද ගැස් තොග බෙදා නොහැර වෙලදසැල වසා දමා යාමට විරෝධය පාමින් ගැස් ලබා ගැනිමට පොලිම් වල රැදි සිටි පාරිභෝගිකයන් හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගය කොටගල නගර මධ්‍යයෙන් අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත විම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු උදැසන 9 සිට 9.30 දක්වා සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි.
ලිට්රෝ ගැස් සමාගම විසින් (24) දින කොටගල ගැස් අලෙවි නියෝජිතයා වෙත ගැස් සිලින්ඩර් 100 නිකුත් කර ඇති අතර, එම ගැස් සිලින්ඩරයක් රු 4500 මිලකට අලෙවි කල බවයි පාරිභෝගිකයන් චෝදනා කර සිටින්නේ.