“සොබාදනවි” මෙගාවොට් 350 ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කරන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.
ශ්‍රී ලංකාවේ පළමු ස්වභාවික වායු බලාගාර ව්‍යාපෘතියවන කෙරවලපිටිය “සොබාදනවි” L.N.G. විදුලි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් විදුලිබල ඇමති පවිත්‍රා වන්නිආරච්චි කියයි.
“මෙගාවොට් 350ක ධාරිතාවයකින් යුත් “සොබාධනවි” ස්වභාවික ද්‍රවිකෘත වායු (LNG) විදුලි බලාගාරය තුළින් ලබන වසර වනවිට මෙගාවොට් 200 ක් ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට බලාපොරොත්තු වනවා. මෙම බාලාගාරය ඉතා දිගු කාලයක් ඉදිකිරීම ප්‍රමාද වූ ව්‍යාපෘතියක්. නිසි කලට මෙම බලාගාරය ඉදිකිරීමට සමත්වූවානම්, අද රට මුහුණ දී තිබෙන විදුලි අර්බුදය ඇති නොවෙන්නට ඉඩතිබුණා” යැයි විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.