Aboutceylon Online

හොදට කරලා තියෙනවා ජර්මන් ජාතික කතක් ශ්‍රි ලංකා රජයට කියයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ත්‍රිරෝද රථයට පෙට්‍රල් ඉන්ධන ලබා ගැනිමට පැමිණි ජර්මන් ජාතික කාන්තාවක් ඉන්ධන නොමැති විමෙන් දැඩි අසිරුතාවයට.

ශ්‍රි ලංකාව කියන්නේ හොද රටක් ඒ වගේම හොද මිනිස්සු ඉන්නේ,අපිට ලංකාවට එන්න කියලා රජයෙන් ආරාධනා කරනවා , එහෙම ආවම අපට අවශ්‍ය පහසුකම් කිසිවක් නොමැති බව ජර්මනියේ සිට ලංකාවේ සංචාරකයන් සදහා පැමිණි කාන්තාවක්  නුවරඑලියේදි පැවසිය.

නුවරඑලියේ ඉන්ධන පිරවුම්හල ත්‍රිරෝද රථයකින් පැමිණි එම කාන්තාව මෙසේ පැවසිය.

මම ලංකාවට ආවේ මිට දින කිහිපයකට ප්‍රථම , කටුනායකින් කුලි පදනම මත ලබාගත් ත්‍රිරෝද රථයකින් තමයි මම තොරාගත් ස්ථාන වල සංචාරය කරන්න සැලසුම් කරලා ඉන්නේ.

මම නුවරඑලියට ආවේ (21) දින , මම (22) දින ඇල්ල ප්‍රදේශයට යන්න තමයි ත්‍රිරෝද රථයෙන් ඉන්ධන පිරවුම්හල අසලට ආවේ හැබැයි මට ඇල්ලට යන්න පෙට්‍රල් ටිකක් ගන්න මෙම ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන නැ.

මම කටුනායක ඉදලම ත්‍රිරෝද රථයෙන් යන සැම ස්ථානයකම ත්‍රිරෝද රථයේ ප්ලාස්ටික් බෝතලයක් තියාගෙන ඉන්නවා පෙට්‍රල් තියෙන තැනකින් ගන්න.

දැනට ත්‍රිරෝද රථයේ තියෙන පෙට්‍රල් වලින් යන්න පුළුවන් උපරිම දුරක් යනවා යනුවෙන් පැවසිමෙන් අනතුරුව ශ්‍රි ලංකාව පිලිබදව ඔබ සතුටු වෙනවද යනුවෙන් අප කල විමසුමකට ඇය සිංහල බසින් මෙසේ පැවසිය (හොදට කරලා තියෙනවා)

රංජිත්

Scroll to Top