2022 වර්ෂය සඳහා පාසල් දරුවන් වෙත ලබා දීමට නියමිත පෙළ පොත්වලින් සියයට 92 ක් බෙදා හැර අවසන් බව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් පී.එන්.අයිලප්පෙරුම මහතා ප්‍රකාශ කරනවා.
කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවසූයේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධාන කළ “ජාතික පාසල් දහසක්” වැඩසටහනේ ප්‍රගතිය හා අනාගත දරුපරපුරට හිමිවන ප්රතිලාභ මැයෙන් වූ ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.
පෙළ පොත් මුද්‍රණය සඳහා රුපියල් මිලියන 2338.5ක් වැය කර තිබෙනවා.