Aboutceylon Online

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට දුම්රිය ආසන වෙන් කිරීම ඔන්ලයින් වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ දුම්රිය ආසන වෙන් කරවා ගැනීමට වෙබ් අඩවියක් හා ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වාදී තිබේ.

මෙමඟින් ඉදිරියේදී දුම්රිය මඟීන්ට සියලුම මාර්ගවල දුම්රිය ආසන වෙන් කරවා ගැනීමට අවස්ථාව ඇති බවත් කොළඹ කොටුවේ – බෙලිඅත්ත, බදුල්ල, යාපනය, ත්‍රිකුණාමලය, තලෙයිමන්නාරම, මහනුවර සහ බදුල්ල යන දුරගමන් සේවා දුම්රියවල ප්‍රවේශපත් වෙන් කරගැනීමේ අවස්ථාව ද උදාවේ.

ආසන වෙන් කිරීමේ හැකියාව ලබා දී ඇති ගමනාන්ත සහ දුම්රිය මැදිරි සඳහා පියවර කිහිපයක් මඟින් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට මගීන්ට මේ තුලින් අවස්ථාව හිමි වන අතර Visa, master හා Lanka QR ඇතුලුව ක්‍රමවේදයන් කිහිපයක් ඔස්සේ මේ සඳහා ගෙවීම් කිරීමටත් m -Ticketing(365) සේවාව සහිත දුම්රිය ස්ථාන වෙත පැමිණ ප්‍රවේශපත්‍රයේ යොමු අංකය සමඟ ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීම මඟින් වෙන් කරගත් ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේ හැකියාව උදා වේ.

Scroll to Top