ලොව සතුටින්ම සිටින ජනතාව අතර ඇති රට තෝරණ ලෝක සතුට දර්ශකයේ රටවල් 146ක් අතරින් පියවර දෙකක් ඉදිරියට පැමිණෙමින් මෙවර ශ්‍රී ලංකාව 127 වන ස්ථානය හිමිකරගෙන ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසර සංවර්ධන විසඳුම් ජාලයේ මෙහෙයවීමෙන් ‘‘සතුට දර්ශකය’’ නිර්මාණය කරන අතර ඉකුත් 2021 වසරේදී ශ්‍රී ලංකාව 129 ස්ථානයට ශ්‍රේණිගත කර තිබිණි. ශ්‍රී ලංකාව 2022 සතුට දර්ශකයේ ස්ථාන 02ක් ඉදිරියට පැමිණ ඇත.
ආර්ථික හා සමාජ දත්ත මත පදනම්ව ලෝක සතුටු දර්ශකය සකස් කර තිබේ.