Aboutceylon Online

භුමිතෙල් එක් පාරිභෝගිකයෙකුට ලිටර් පහයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

භුමිතෙල් ලබා ගැනිමට ප්‍රදේශවාසින් අලුයම සිට ඉන්ධන පිරවුම්හල් අසල පොලිම් වල රැදි සිටියි, එක් පාරිභෝගිකයෙකුට භුමිතෙල් ලිටර් පහක් පමණක් ලබාදිමට ඉන්ධන පිරවුම්හල් සේවකයන් පියවර ගනි.

හැටන් නගරයේ භුමිතෙල් අලෙවි කරන ඉන්ධන පිරවුම්හලට (18) දින රාත්‍රියේ දින ගණනාවකට පසු භුමිතෙල් තොග ලැබිම නිසා භුමිතෙල් මිල දි ගැනිමට ඉන්ධන පිරවුම්හල අසල (19) දින අලුයම සිට පාරිභෝගිකයන් දිගු පොලිම්වල රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

විදුලි කප්පාදුව සහ ගැස් හිගය හේතුවෙන් තමන් භුමිතෙල් උදුනෙන් හෝ ආහාර පිස ගැනිම සදහා විදුලිය නොමැති අවස්තාවේ නිවසේ ලාම්පුවක් හෝ දැල්විම සදහා මෙසේ භුමිතෙල් රැගෙන යන බවයි හැටන් ප්‍රදේශයේ ජනතාව කියා සිටියේ.

භුමිතෙල් ලබා ගැනිමට පැමිණ සිටි පාරිභෝගිකයන්ට ලිටර් 05 ක් පමණක් නිකුත් කිරිමට එම ඉන්ධන පිරවුම්හලේ සේවකයන් පියවර ගෙන තිබුණි.

හැටන් -රංජිත් රාජපක්ෂ

Scroll to Top