Aboutceylon Online

ගැස් අලෙවි නියෝජිතයන් සහ පාරිභෝගිකයන් අතර දැඩි උණුසුම් තත්ත්වයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හැටන් නගරයේ ගැස් අලෙවි නියෝජිතයන් සහ පාරිභෝගිකයන් අතර දැඩි උණුසුම් තත්ත්වයක්.ටොකන් ක්‍රමයට ගැස් බෙදා හරි.

ලිට්‍රෝ ගැස් සමාගම විසින් හැටන් ප්‍රදේශයේ සිය අලෙවි නියෝජිතයන්ට (19) දින අලුයම නිකුත් කරන ලද සිමිත ගැස් ප්‍රමාණය ටොකන් ක්‍රමයට බෙදා හැරිමේදි අලෙවි නියෝජිතයන් සහ ගැස් ලබා ගැනිමට පැමිණි පාරිභෝගිකයන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.

ගැස් ලබා ගැනිම සදහා පාරිභෝගිකයන් (19) දින අලුයම සිට ගැස් අලෙවි නියෝජිත වෙලදසැල ඉදිරිපිට රැදි සිටියද ඇතැම් පාරිභෝගිකයන්ට ගැස් නොලැබිම හේතුවෙන් උණුසුම් තත්ත්වය ඇති විය.

පාරිභෝගිකයන් චෝදනා කර සිටින්නේ ගැස් අලෙවි නියෝජිතයන්ට හිතවත් අයට පමණක් සමාගම විසින් නිකුත් කරන ලද ගැස් බෙදා හරින බවයි.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top