Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඩොලර් බිලියනයක ඉන්දීය ණය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කෙටිකාලීන සහනදායි ණය මුදලක් වශයෙන් ඉන්දීය රාජ්‍ය බැංකුව මඟින් මේ ණය ප්‍රදානය කරන අතර, මෙරටට අවශ්‍ය තිරිඟු පිටි, සීනි, සහල් සහ අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් එම මුදල් වැය කිරීමට නියමිතය.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ දෙදින නිල සංචාරය අතරතුරදී ඊයේ (17) ගිවිසුමට අත්සන් තැබිණි. ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල සහ ඉන්දීය රාජ්‍ය බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ශ්‍රී පුෂ්කාර් ජා මහත්වරුන් ගිවිසුමට අත්සන් කළ බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

Scroll to Top