ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයට පැමිණි අවස්ථාවේදී එහි සිටි පුද්ගලයෙකු කණ්ඩායමේ ක්‍රීඩකයින්ට විවේචනාත්මක අදහස් දක්වා තිබෙනවා.
“ලක්ෂ ගණන් සල්ලි නාස්ති කරලා ක්‍රිකට් මැච් පරදිනවා” යැයි ගුවන්තොටුපොළ පර්යන්තයේ සිටි පුද්ගලයා සුරංග ලක්මාල්ගේ මුහුණටම පවසා ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලෙන් සමුගත් සුරංග ලක්මාල් මාධ්‍ය වෙත පැවසුවේ මින් අනතුරුව තමන් රට වෙනුවෙන් ක්‍රීඩා නොකරන බවයි. “ගුවන්තොටුපොළ පර්යන්තයේදී පුද්ගලයකු මගේ මුහුණටම ප්‍රශ්නයක් ඇහුවා. මා උත්තරයක් දුන්නා.
ඕවා සාමාන්‍ය දේවල් නේ. දිනන කොට එක විදිහක් පරදින කොට තව විදිහක්.
අපි ඒක තේරුම්ගත යුතුයි. ඒ පුද්ගලයාට මා තේරුම් කරලා දුන්නා. කිසිම තරහක් නෑ. හැමෝම බලන්නේ තරග දිනන්නයි. අපට හොඳ ප්‍රේක්ෂකයෝ ඉන්නවා. ඒ අය අපේ ක්‍රීඩකයන්ට උදව් කරයි” සුරංග ලක්මාල් පැවසීය.