Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නීතිඥවරු පාපැදියෙන් උසාවීයට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජනතාවට තවදුරටත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇති මොහොතක ඇඹිලිපිටිය, අධිකරණ සංකීර්ණය භූමියෙන්  අපූරු පුවතක් වාර්තා වුණි.

එහිදී නීතිඥ විජිත පුංචිහේවා මහතා සිය රාජකාරි කටයුතු සඳහා පාපැදියෙන් පැමිණීම බොහෝදෙනෙකුගේ කතා බහට ලක්වුණි.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“කාටවත් දෝෂාරෝපණය කරන්නවත්, කවුරුත් වෙනුවෙන්වත් නෙමෙයි මේක කරන්නේ. අපි ඉල්ලීමක් කරනවා රජයෙන් පොදු ප්‍රතිපත්තියක් ඇති කරන්න පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන්. නීතිඥ ගාස්තු වැඩිකරන්න බැරි නිසා තමයි බයිසිකලයෙන් ආවේ. මම කාර් එකෙන් ආවොත් නීතිඥ ගාස්තු වැඩිකරන්න වෙනවා. මිනිස්සුන්ගේ තියෙන දුක අපි දන්නවා. මගේ ගාස්තු වැඩිකරන්න වෙනවා එතකොට.”

Scroll to Top