ශ්රී ලංකාවට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගය ලකුණු 238කින් ජය ගැනීමට ඉන්දියාව ඊයේ(14) සමත්වුණා.
ඒ අනුව තරග 2-0ක් ලෙස ටෙස්ට් තරගාවලියේ ජය ඉන්දියාවට හිමිවුණා.
දිමුත් කරුණාරත්න ලකුණු 107යි. සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු දහයේ සීමාව පසු කිරිමට නොහැකිවීම ශ්රී ලංකා කණ්ඩායමේ පිතිකරන අංශයේ දුර්වලතාවය මොන්ටිසෝරී මට්ටමට වැටි තිබෙන බව විස්තර විචාරකයින් මනාවට පවසන ලදි.
තම අවසන් ටෙස්ට් ක්රිකට් තරගයට ක්රීඩා කළ සුරංග ලක්මාල් ශ්රී ලංකා ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙස දැවී ගියා.
තවත් දින 2ක් ඉතිරිව තිබියදී, ඉන්දියාව තරග දෙකම ජයගැනීම විශේෂත්වයක්.