Aboutceylon Online

ඉන්ධන මිල වැඩි කිරිම අසාධාරණ බව රියදුරන් කියයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉන්ධන මිල වැඩි කිරිම අසාධාරණ බව රියදුරන් කියයි, අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනිමට රථ වාහන හිමියන් ප්‍රතික්ෂේප කරයි.

අයි.ඕ.සි සමාගම විසින් ඩිසල් සහ පෙට්‍රල් ඉන්ධන මිල (10) දින රාත්‍රියේ සිට වැඩි කිරිමත් සමග සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනිමට විශාල පිරිසක් පැමිණ සිටිහ.

අයි.ඕ.සි සමාගම ඉන්ධන මිල වැඩි කිරිමත් සමග හැටන් නගරයේ පිහිටි අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වලින්  ඉන්ධන ලබා ගැනිම රථ වාහන හිමියන් විසින් ප්‍රතික්ෂේප කර සියළුම වාහන වලට ඉන්ධන ලබා ගැනිම සිපෙට්කෝ ඉන්ධන පිරවුමහල් වලින් සිදු කර ගැණින.

ඉන්ධන මිල වැඩි කිරිම අසාධාරණ බවයි රථ වාහන හිමියන් සහ රියදුරන් කියා සිටියේ.

ඉන්ධන මිල වැඩි විමට සමගාමි ත්‍රිරෝද රථ සහ බස් රථ වල ගාස්තු වැඩි කිරිමට සිදු වන බවයි රියදුරන් කියා සිටියේ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top