නුවරඑළිය මහේස්ත්රාත් අධිකරණය භාර සැරයන් වරයාට බැන තර්ජනය කල සැකකරුවන් තිදෙනෙකු අධිකරණය හමුවේ වරද පිලගත් නිසා එම චුදතයන් තිදෙනාට දැඩි දඩුවම් පැමිණවිමට ටි.ඩි. ප්රදිප් ජයසිංහ මහතා නියෝග කලහ.
මෙසේ දැඩි දඩුවම් පමුණුවනු ලැබුවේ නුවරඑළිය නානුඔය නගරයේ පදිංචි අලගරත්නම් නිර්මලන්, සුන්දරම් තිරුචෙල්වම් ,රෙන්ගසාමි අසාත් මරදනාත් යන අයටයි.
මෙම චුදිතයින් තිදෙනා 2022.02.23 දින නුවරඑළිය මහේස්ත්රාත් අධිකරණය භාර සැරයන් හේරත් (35361) යන නිලධාරියාට අධිකරණය තුල බැන තර්ජනය කිරිම සම්බන්දයෙන් නුවරඑළිය පොලිසිය මගන් එදිනම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත බදිරිපත් කිරිමෙන් පසු එම සැකකරුවන් තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුනි.
මෙම සැකකරුවන් තිදෙනාට බැන තර්ජනය කිරිම සාපරාදි බිය ගැන්විම , රජයේ සේවකයෙකුට සාපරාදි බලහත්කාරකම් පැම , යන චෝදනා යටතේ නුවරඑළිය පොලිසිය විසින් අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබුනි.
චුදිදයන්ට පළමු වරදට වසරක බරපතල වැඩ සහිතව බන්ධනාගාරගත කර එය වසර 05 කට අත්හිටුවිමටත් ,ඊට අමතරව එක් සැකකරුවෙකුට පළමු වරදට රුපියල් 1000.00 බැගින් චුදිතයන් තිදෙනාට රුපියල් 3000.00 ක දඩයක් ගෙවන ලෙසත් එම දඩය නොගෙවන්නේනම් එම සිර දඩුවම් කාලය තවත් මාස තුනක් දික් කිරිමට නුවරඑළිය මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත.
දෙවන චෝදනාව වන රජයේ සේවකයෙකුට සාපරාදි බලහත්කාරකම් පැම චෝදනාවට එක් චුදිතයෙකුට රුපියල් 25000.00 බැගින් චුදිතයින් තිදෙනාට රුපියල් 75000.00 ක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කර එම මුදල අධිකරණය භාර අගතියට පත් සැරයන් වරයාට ගෙවන ලෙස නියෝග කර ඇත.
තවද චුදිතයන් තිදෙනාගේ ඇගිලි සලකුණු ලබා ගන්නා ලෙසද මහේස්ත්රාත්වරයා නියෝග කලහ.
හැටන් – රංජිත් රාජපක්ෂ