Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කෙරෙහි අවධානය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මේ වන විට රට තුළ ඖෂධ හිඟයක් නිර්මාණය වෙමින් පවතින බවට ඇතැම් වෘත්තීය සමිති සහ මාධ්‍ය මඟින් දිගින් දිගටම වාර්තා කරන අතර බොහෝ අවස්ථාවන්වල දී ඔසුහල්වලින් සහ රෝහල්වලින් ඹෘෂධ නිකුත් කිරීමේ දී ඇතැම් ඖෂධ නොමැති බව ප්‍රකාශ කරන බව සනාථ වී ඇත.

මේ තත්ත්වය යටතේ ඉදිරියේ දී හදිසි රෝගාබාධ සහ දීර්ඝකාලීන රෝගාබාධවලින් වෛද්‍ය ප්‍රතිකාර ලබන සාමාන්‍ය ජනතාවට අඛණ්ඩව ලබා ගැනීම සම්බන්ධව ගැටලු මතු වුවහොත් එය ඔවුන්ගේ රෝගී තත්ත්වය උත්සන්න වීමට සෘජුව දායකවන බව ප්‍රකාශ කළ හැක.

එබැවින් අඛණ්ඩව ම ඖෂධ සැපයුමක් රට තුළ පවත්වාගෙන යාමට හැකි පරිදි දැනට පවතින ක්‍රමවේදයේ අඩුපාඩු හෝ ඖෂධ සැපයුමේ දුර්වලතා හෝ හිඟ පවතින්නේ නම් ඒ සම්බන්ධව ඔබගේ අවධානය කඩිනමින් යොමු කරන ලෙස ඉල්ලා සිටිමු.

මේ වන විට බොහෝ ඖෂධ වල මිල සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි මට්ටමට ළඟා වෙමින් පැවතීම නිසා බොහෝ රෝගීන් ඖෂධ මිලදී ගැනීමේ දී නියමිත කාල සීමාව පුරාම ඖෂධ ලබා නොගෙන ඖෂධ කොටස් වශයෙන් ලබා ගැනීමට පෙලඹෙන බවක් නිරීක්ෂණය වී ඇත.

මේ තත්ත්වය ඔවුන්ගේ රෝග ස්වභාවය උත්සන්න කිරීමට දායකවන බැවින් ජනතාවට දරාගත හැකි සීමාව පවත්වාගෙන යාම සඳහා අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කොට මහජනතාවට සහනයක් සලසන ලෙස ද ඉල්ලා සිටිමු.

මෙම ඇති වී තිබෙන තත්ත්වය රටේ දැනට නිර්මාණය වෙමින් පවතින ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස දැකිය හැකිවන නමුත් සාමාන්‍ය මහජනතාවට අඛණ්ඩව නිදහස් සෞඛ්‍ය සේවය ලබාගත හැකි වන පරිදි ඉහළ දේශපාලකයන් සහ අදාල බලධාරීන් සමග සාකච්ඡා කොට ඖෂධ නිෂ්පාදනය සහ බෙදා හැරීමත් ඖෂධ මිල පාලන තත්ත්වයන් පවත්වාගෙන යාමට රජයෙන් අවශ්‍ය කරන සහන ආධාර ලබාගැනීමට ඔබ අමාත්‍යාංශය කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කළ හැකි ඖෂධ නිෂ්පාදනය කිරීමද එය ගුණාත්මක සහ ප්‍රමාණාත්මක වශයෙන් ඉහළ තත්ත්වයක පවත්වාගෙන යාම සඳහා දැනට පවතින පහසුකම් භාවිතා කරමින් කටයුතු කිරීම කෙරෙහි ඔබගේ අවධානය යොමු වන්නේ නම් තවදුරටත් මෙම ගැටළුව පාලනය කරගැනීමට ශ්‍රී ලංකාව තුළ දී පවතින සම්පත්වලින් යම් සහනයක් සහ හැකියාවක් ඇති බව ද නිරීක්ෂණය වන අතර ඒ සම්බන්ධව ඔබතුමාගේ අවධානය යොමුවනු ඇතැයි වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස විශ්වාස කරමු.

Scroll to Top